තවත් බිහිසුණු මාරක අනතුරු 4ක්, පියතුමෙක් ඇතුළු පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට

Report

රට පුරා ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු 04කින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි.

ඒ අනුව පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (22) දින සිදුව ඇති බවයි.

ඊයේ දහවල් කාලයේ ඉලුප්පකඩවෛ පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ කල්ලියඩි ප්‍රදේශයේදී මන්නාරම දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී පැදිකරුට පාලනය කරගත නොහැකිව එක් අනතුරක් සිදුව ඇති බව සඳහන්.

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

අඳාළ අනතුරින් පැදිකරු හා පසු පැදිකරු බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එහිදී පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ ඉලෙයිවාලි, යාපනය ප්‍රදේශයේ පදිංචි පියතුමෙක්.

එසේම මුල්ලේරියාව පොලිස් වසමේ කඩුවෙල අංගොඩ මාර්ගයේ අංගොඩ මංසන්ධියේදී කඩුවෙල දෙස සිට අංගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගය මත පෙරලී තවත් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

එම අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 37ක් වූ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

එමෙන්ම ඊයේ සවස් කාලයේදී ත්‍රිකුණාමලය දඹුල්ල මාර්ගයේ දඹුල්ල නගරයේදී හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ වැලි පටවා ගත් ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා මිය ගොස් ඇත.

පකිස්ථානයේ ඛේදවාචකයක් - ටියුෂන් සෙන්ටර් වහල කඩාවැටීමෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7ක් මරුට

පකිස්ථානයේ ඛේදවාචකයක් - ටියුෂන් සෙන්ටර් වහල කඩාවැටීමෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7ක් මරුට

ඒ අනුව වාර්තා වූ ආකාරයට එසේ මියගොස් ඇත්තේ අවුරුදු 56ක් වූ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තවද කොඩිකාමම් පොලිස් වසමේ කච්චායි කොඩිකාමම් මාර්ගයේ කච්චායි උතුරු පළමු හරස් වීදිය අසලදී කච්චායි කොඩිකාමම් දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා විය.

එම අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එහිදී පසුපැදිකාරිය මිය ගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

නාන තටාකයේ වෙච්ච ඛේදවාචකය, පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නාන තටාකයේ වෙච්ච ඛේදවාචකය, පුද්ගලයෙක් ජීවිතක්ෂයට