තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්රභාකරන් මගේ දෙයියා [VIDEO]
පාර්ලිමේන්තුව තුළ අපි ගණදෙවියන්ගේ පිළිමයක් තැබුවොත් කමක් නැද්ද යන ප්‍රශ්ණය පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මතු කර තිබේ. ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ඔහු මේ කාරණය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ පැවසීය,
“අපි පාර්ලිමේන්තුව තුළ ගණදෙවියන්ගේ පිළිමයක් තැබුවහොත්, ඔබ අතර ඇති සිංහල වෛරය නිසා ඔබ අපිට පහර දී මරා දමනු ඇත. කෙසේ වෙතත්, අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ උතුරු නැගෙනහිර අපි ජාතිවාදීන් බවයි,” ඔහු පෙන්වා දුන්නේය.
තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද
ඔහු වැඩිදුර පැවසුවේ,
උතුරේ ජනතාව ජාතික ජන බලවේගය හා ජනපති අනුර කුමාර විශ්වාස කරලා ජන්දේ දැම්මා.ඒකට මේ මිනිස්සු මොකක්ද කරේ? මේ ආණ්ඩුව සිංහල හමුදා සෙබළියන්ව සෙබලියන් කියද්දී මමයි ඔවුන්ව රණවිරුවන් කිව්වේ.ඒත් ඔයාලා මොකද කරේ බිමල් රත්නායක ඇමතිතුමා මොකක්ද කිව්වේ ජාතියක් වෙනුවෙන් සටන් කරපු නායකයාව සහ සෙබළුන්ව කුඩු විකුණනවයි කිව්වා.කෝ මේ දෙමල කතා කරන දෙමල මුස්ලිම් මන්ත්‍රීවරු සද්දයක් නෑනේ. මගේ පපුව රිදෙනවා ඔයාලා දෙමල ජනතාව පීඩාවට පත් කරා මෙරිට් කෝටා එක නැති කරලා අපිට කැම්පස් යන්න දුන්නෑ. එහෙම පීඩාවට ලක්වුණු ජනතාව වෙනුවෙන් තම වේලුපිල්ලේ ප්රභාකරන් සටන් කරේ.අවුරුදු 30ක් ගොඩනගපු දෙයක් ඒක.
මම සිංහල ජනතාවත් එක්ක එකමුතුව ඉන්න මිනිහෙක්.මම දකුණට ගිහින් ජන්දේ ඉල්ලුවත් මම දිනනවා.මට පුළුවන් සිංහල ජනතාව එක්ක ජිවත් වෙන්න.හැබැයි මෙතන ඉන්න එක සිංහල කෙනෙක්ට උතුරේ ඇවිත් ජිවත් වෙන්න පුලුවන්ද? බෑ එක තමයි ඔයාලගේ සිංහල ජාතිවාදේ. දැන් කවුද අර බුදුපිලිමේ එතන තිබ්බේ හරි දැන් මම හෙටම ගණ දෙවි පිළිමයක් පාර්ලිමේන්තුවේ ගෙනත් තියන්නද? පුලුවන්ද මට ඔයාලා ගහයි. උතුරේ නැගෙනහිර ජනතාවට මේ රජය අසාධාරණකම් කරනවා.ඔයාලා හැමදාම මොකක්ද කලේ දෙමල මුස්ලිම් මිනිස්සුන්ට ගහලා ගහලා ගහලා පැත්තකට කරා. මුස්ලිම් මනුස්සයගේ අතට ආයුධේ දෙනවා දෙමල මිනිහට ගහන්න.දෙමල මිනිහගේ අතට ආයුධේ දෙනවා මුස්ලිම් මිනිහට ගහන්න.
මගේ වීරයා ජාතියක් වෙනුවෙන් සටන් කරපු නායකයටයි ඒ මිනිස්සුන්ටයි කුඩු විකුණුවා කියලා බොරු ගහනවා.මම ආයෙත් කියනවා එයා මගේ නායකයා මගේ දෙවියා දෙවියා දෙවියා. මේක මාව මැරුවත් ගිනි තිබ්බත් වල දැම්මත් අලුවෙලා හරි නැගිටලා කියනවා.ඒ මගේ ජාතියේ නායකයා .ඒ වගේම තමුසෙලගෙ හිතේ වෛරය සිංහලයා කියන වෛරය. විශ්වාස කරලයි උතුරේ ජනතාව ඔයාලව පත් කරේ.ආයේ චන්දෙ ඉල්ලලා බලන්නකෝ අම්මගේ කිරි බීපු එකෙක්වත් චන්දේ දාන්නේ නෑ.බල්ලොන්ගේ කිරි බීපු එකෙක්නම් චන්දෙ දායි" ආදී ලෙස අතිශය සංවේදී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා තම කතාව අවසන් කළේය.