තවත් විශිෂ්ට දේශපාලන චරිතයක් දිවි ගමනට සමුදෙයි

Report

ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙකු මෙන්ම දෙවතාවක් ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා තරග වැදුණු ජෙසී ජැක්සන් (Rev. Jesse Jackson) අද ( 17) අභාවප්‍රාප්ත වී තිබෙන බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මියයන විට ඔහු 84 වැනි වියේ පසුවූ බව සඳහන් වේ. ජෙසී ජැක්සන් 1960 දශකයේ සිට මාර්ටින් ලූතර් කිං (Martin Luther King Jr.) සමග එක්ව ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කෙරූ චරිතයක් ලෙස ප්‍රසිද්ධ වේ.

සියලුම ගුරුවරුන්ට උපාධි සුදුසුකම් තිබිය යුතුයි - අගමැතිනි හරිනි

සියලුම ගුරුවරුන්ට උපාධි සුදුසුකම් තිබිය යුතුයි - අගමැතිනි හරිනි

ඔහු 1984 සහ 1988 යන වසරවලදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වූ අතර, බරක් ඔබාමාට පෙර ඇමරිකානු ජනාධිපතිවරණයකදී දැවැන්ත ජනතා ආකර්ෂණයක් දිනාගත් පළමු කළු ජාතික දේශපාලනඥයා ලෙසද ඉතිහාසයට එක් වේ.

ජින්තුපිටිය වෙඩිල්ල නිසා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හිරේ දාන්න බෑ - ඇප පිට නිදහස්

ජින්තුපිටිය වෙඩිල්ල නිසා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හිරේ දාන්න බෑ - ඇප පිට නිදහස්