මම කොටි ඩයස්පෝරාව එක්ක හැප්පෙනවා - මගේ තාත්තව මැරුවා - අර්චුනා කියන කතා බලන්නකෝ
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාතන් විසින් යූ ටියුබ් නාලිකාවක් හා එක් වී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී ඔහු තම පියා පිලිබදවද අදහස් ප්‍රකාශ කලේය.
ඔහු පැවසුවේ ඔහුගේ පියා කොහේ සිටිනවාදැයි කිසිවෙකුත් නොදන්නා බවයි.2009 වසරේ කොටි ප්‍රධානියකු විසින් ත්‍රීකුණාමලයට ගෙන්වා නැවත පදවිය රෝහලට කැදවූ අතර ඉන් පසුව ඔහු අතුරුදහන් වූ බවයි.
"මම අදටත් කියනවා මගේ පියා අතුරුදහන් වුණා.මම දන්නවා තාත්තා නැවත එන්නෙ නැති බවත්.ඒත් ඒ අහිමි වීම මම මගේ පුතාට දෙන්න කැමති නෑ.ඒ අහිමිවීම තව පරම්පරාවකට දෙන්න මම කැමති නෑ.ඒකයි මම කොටි ඩයස්පෝරා එක්ක හැප්පෙන්නේ.අනිත් පරම්පරාවට නිදහසේ ජිවත් වෙන්න දෙන්න.
එහෙම කැපුවා මෙහෙම කැපුවා කියලා ලියලා තිබ්බහම තව පරම්පරාවක් ඒක් කියවනවා.එයාලත් වෛර කරනවා.මම ගොඩක් වැඩ කරේ සිංහල රෝහල් වල.එහෙනම් මම බොරු බෙහෙත් ලියන්න එපැයි.අදටත් මට කෝල් කරලා බෙහෙත් අහන සිංහල ලෙඩ්ඩු ඉන්නවා.මගේ වෛරය තිබ්බේ මගේ තාත්තා මරපු අය එක්ක විතරයි. ඊලග පරම්පරාව වෛරයක් නැති පරම්පරාවක් හදමු" ලෙසයි.