පස් කන්දට යට වුණු කම්කරුවන් තිදෙනාම ජීවිතක්ෂයට, නිසල සිරුරු ගොඩ ගයි [UPDATE]
මාවනැල්ල, මැණික්කාව ප්රදේශයේදී පස් බැම්මක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරට මුහුණ දුන් කම්කරුවන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව මෙම කම්කරුවන් තිදෙනා අද පෙරවරුවේ තාප්පයක් ඉදිකරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
පොලිසිය වාර්තා කළේ ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අතර මේ වන විට ඔවුන් තිදෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකි වූ බවයි.
...................................................................
සුළු මොහොතකට පෙර පස් බැම්මක් කඩා වැටී යට වුණු පිරිසෙන් එක් අයෙක් ජීවිතක්ෂයට [12.18
මාවනැල්ල, මැණික්කාව ප්රදේශයේදී පස් බැම්මක් කඩා වැටීමෙන් සිරවී සිටි ඉදිකිරීම් කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ ඔහුගේ මළ සිරුර මේ වනවිට සොයාගෙන ඇති බවයි.
.......................................................................
හදිසි අනතුරක්, කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි [11.23
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.
වාර්තා වූ ආකාරයට අනතුරට ලක්ව සිටින්නේ කම්කරුවන් තිදනෙක්.
ඒ අනුව ඔවුන්ව වහාම බේරා ගැනීමට මේ වනවිටත් කඩිනමින් කටයුතු කරමින් සිටින බව සඳහන්.
