අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී යම් අඩුපාඩු වෙන්න පුළුවන් කියලා අගමැතිනිය කළින්ම කිව්වනේ - හරිනි වෙනුවෙන් හිටගත්තු සමන්මලී

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී යම් අඩුපාඩු සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මුලින්ම පැවසුවේ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසේකර මහත්මිය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඇය සඳහන් කළේ රජය මඟින් ගන්නා ප්‍රගතිශීලී ක්‍රියාමාර්ගයන් ආපසු හැරවීමට කිසිසේත්ම සූදානම් නැති බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන මොඩියුල සම්බන්ධයෙන් විශේෂඥවරියක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් වගකීම රජය මඟින් විශේෂ කණ්ඩායමකට පවරා ඇති බවත් ඇය සඳහන් කරයි.

සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල

සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල

තවද අග්‍රාමාත්‍යවරිය මෙම ක්‍රියාවලියට නායකත්වය පමණක් ලබාදෙන බවත් අදාළ කටයුතු නිරතුරුව නිලධාරීන් තමන්ගේ රාජකාරීන් සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පවසා සිටියා.

එමෙන්ම මෙහිදී යම් කුමන්ත්‍රණයක් සිදුව ඇතිනම් ඒ පිළිබඳව ඉදිරියේදී රටට හෙළිදරව් කරන බවවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළා.

ඇය මේ බව සඳහන් කළේ වැඩසටහනක සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

එකම මොඩියුලයක්වත් දරුවන් අතට ගියෙ නෑ.. දැනගත්ත ගමන් ගබඩා සීල් කළා - අගමැතිනිය කියන කතාව

එකම මොඩියුලයක්වත් දරුවන් අතට ගියෙ නෑ.. දැනගත්ත ගමන් ගබඩා සීල් කළා - අගමැතිනිය කියන කතාව

මම වරදක් කරලා නෑ මගේ දරුවෝ වරදක් කරලත් නෑ අපි බය නෑ - මූල්‍ය අපරාධ විමර්ශනයට ආ ජොන්ස්ටන් කට අරියි

මම වරදක් කරලා නෑ මගේ දරුවෝ වරදක් කරලත් නෑ අපි බය නෑ - මූල්‍ය අපරාධ විමර්ශනයට ආ ජොන්ස්ටන් කට අරියි