එකම මොඩියුලයක්වත් දරුවන් අතට ගියෙ නෑ.. දැනගත්ත ගමන් ගබඩා සීල් කළා - අගමැතිනිය කියන කතාව

Report

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නිර්මාණය වූ මොඩියුලයක බරපතල වැරැද්දක් ඇතිවීම සම්බන්ධයෙන් දැඩි සැකයක් ඇති බවත්, මෙය පිටුපස යම් කුමන්ත්‍රණයක් තිබිය හැකි බවත් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය ඊයේ (04) පැවසුවාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළේය. මෙම මොඩියුලය තුළ දැඩි අධීක්ෂණයක් සහ සංවාදයන් සමග නිර්මාණය වී ඇති බැවින්, මෙවැනි වැරැද්දක් ඇතිවීම සැක සහිත බවත්, සමාජයේ යම් පිරිස් විසින් ගොඩනැගෙන සංකල්පයන් සමග මෙහි සමපාතයන් තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ ඒ මොඩියුලයට ඇතුලත් විය යුතු නැති දෙයක් කියල අපි දන්නවා.. වැරැද්ද සිද්ධ වෙච්ච අයට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ ඒ මොඩියුලයට ඇතුලත් විය යුතු නැති දෙයක් කියල අපි දන්නවා.. වැරැද්ද සිද්ධ වෙච්ච අයට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග

අගමැතිවරිය සඳහන් කළේ, මෙම මොඩියුලය ගුරුවරුන් 5000කට පුහුණුවීම සඳහා දින හතරක වැඩමුළු සමග භාවිතා වී ඇති බවත්, එම කාලය තුළ කිසිවෙකු මෙම වැරැද්ද මතු නොකළ බවත්ය.

“ප්‍රශ්නකාරී මොඩියුලය ගැන දැනට අධ්‍යාපන අමාත්‍යාංශය අරන් තියන පියවර ගැන මම කියන්නම්.

අප ඒ මොඩියුලය ගැන ප්‍රශ්නය හඳුනාගත් විගසම මුලින්ම කළේ මොඩියුලය සීල් කරපු එක. දරුවන්ට නොයන්න අපි වැඩ කටයුතු කළා. ඒ වනවිට අපේ ගබඩාවල මොඩියුල් එක තිබ්බේ. ඒ ගබඩා සීල් කළා. දරුවන්ට බෙදා හරින ක්‍රියාවලිය අත්හිටෙව්වා.

පසුව මූලික කරුණු විමසීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරු තුන් දෙනෙක්ගෙන් එම කමිටුව සමන්විත වුනා. ඒ කමිටුව ඔවුන්ගේ වාර්තාව දින දෙකක් ඇතුළත අපට ලබා දුන්නා.

6 ශ්‍රේණියේ සමලිංගික අධ්‍යාපනය ගැන රජය කට අරී - විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

6 ශ්‍රේණියේ සමලිංගික අධ්‍යාපනය ගැන රජය කට අරී - විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

ඒ වාර්තාවට අනුව අපි ඊලඟ පියවර ලෙස මූලික විමර්ශනයක් කරන්න සැලසුම් කරලා තියනවා. අපි බලාපොරොත්තු වෙනවා විශ්‍රාමික ලේකම් රංජිත් ආරියරත්න මහත්මයා ඒ සඳහා පත් කරලා ඒ විමර්ශනය ආරම්භ කරන්න. ඒ සදහා අනුමැතිය ලබා ගන්න ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක මණඩලයට අපේ වාර්තාවත් යෝජනාවත් ඉදිරිපත් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා.

ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනය ඔවුනගේ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරලා තියනවා. ඒකත් දැනට ක්‍රියාත්මකයි. ඒ මේක කවුද කළේ කොහොමද කළේ කියලා හොයා පුලුවන් මේ විමර්ශනය තුළ.

“නමුත් මේක පිටිපස්සේ ඊට වඩා මොකක් හරි ලොකු හේතුවක් තියනවද, මේක මෙලෙස සිද්ධ වුනේ ඇයි, කොහොමද මේක සිද්ධ වුනේ, ඇයි මේක මේ විදිහට වරද්දා ගත්තේ කියන කාරණය අපට ගැටලුවක්.”

පළාත් සභා මැතිවරණය උණුසුම් වෙයි - සජබ සහ එජාප සන්ධානයට සූදානම්

පළාත් සභා මැතිවරණය උණුසුම් වෙයි - සජබ සහ එජාප සන්ධානයට සූදානම්

“ජාතික අධ්‍යාපන ආයතනයේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් මොඩියුල පිළියෙළ කිරීමේ ක්‍රියාවලිය පැහැදිලිවම පියවර ගණනාවකින් තිබිය දී සාකච්ඡා සියල්ල තිබිය දී… ඒත් මේ වැරැද්ද කොහොමද සිද්ධ වුනේ කියන එක… පිටිපස්සේ යම් කිසි වෙන හේතුත් තියනවද කියලා අපට සාධාරණ සැකයක් තියනවා. “

“ඒ නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සීඅයිඩී පැමිණිල්ලකුත් කරලා තියෙන්නේ. ඒ විමර්ශනයත් ඒ විදිහට යනවා. සිදුවන විමර්ශනය හරහා එන නිර්දේශ අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා වගේම සීඅයිඩී විමර්ශනයේ නිර්දේශ අනුවත් ඉදිරි වැඩ කටයුතු කරනවා.  

ව්‍යාජ ‘පොලිස් දැන්වීම්’ ගැන පොලිසියෙන් මහජනයාට විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ ‘පොලිස් දැන්වීම්’ ගැන පොලිසියෙන් මහජනයාට විශේෂ දැනුම්දීමක්