ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Report

අද (22) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. 

මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු මත ඒ බව අනාවරණය වෙමින් පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේය.

එහිදී තංගල්ලේ දී විශාල මත්ද්‍රව්‍ය වැටලීම් තුනක් අද දිනයේ දී සිදුකර ඇති බව පැවසූ අමාත්‍යවරයා පසුගිය දේශපාලන සංස්කෘතිය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව මේ වනවිට ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් සදහන් කළේය.

ඔච්චරයි අඩු - මන්ත්‍රීවරුන්ට හින්දි චිත්‍රපටි පෙන්නන ඇමති බිමල්ගෙන් යෝජනාවක්

ඔච්චරයි අඩු - මන්ත්‍රීවරුන්ට හින්දි චිත්‍රපටි පෙන්නන ඇමති බිමල්ගෙන් යෝජනාවක්

"අපි රටේ ජනතාවට විශේෂයෙන් කාරණයක් කියන්න ඕනේ. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතා තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා." ලෙස පැවසුවේය.

පද්මේ ෆෝන් එකේ කෝඩ් එකට ප්‍රසිද්ධ වීම වර්ගයක නමක් දාලා - හේතුවත් හෙළි කරයි

පද්මේ ෆෝන් එකේ කෝඩ් එකට ප්‍රසිද්ධ වීම වර්ගයක නමක් දාලා - හේතුවත් හෙළි කරයි

මාව අවුස්ස ගන්නත් එපා - කරන්න බැරිනම් යනවා - තිස්සකුට්ටිගෙන් බැනුම්

මාව අවුස්ස ගන්නත් එපා - කරන්න බැරිනම් යනවා - තිස්සකුට්ටිගෙන් බැනුම්

ගුරුවරුන්ට තවත් ප්‍රශ්නයක්, පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් රජයේ පාසල්වල ගුරුවරු ලෙස පුහුණු වෙයි

ගුරුවරුන්ට තවත් ප්‍රශ්නයක්, පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් රජයේ පාසල්වල ගුරුවරු ලෙස පුහුණු වෙයි