සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් කෝටි ගාණක් වැය කර ඩබල් කැබ් රථ හතක්
පවතින රජය බලයට පත්වීමට පෙර සිටම සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කැපවීමට තමන් බලය ලබා ගත් පසුව විවිධ පියවර අනුගමනය කරන බවට ප්‍රකාශ කළේය.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07ක් ලබා දී ඇත.
මෙම ඩබල් කැබ් රථයක මිල රුපියල් මිලියන 22ක් වන අතර අදාළ කැබ් රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෙඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබා දීමේ ඊයේ (25) සිදුව ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ වරල්ලගම සහ ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, කොළඹ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටත් අදාළ කැබ් රථ නිල වශයෙන් බාරදීම මෙහිදි සිදු කෙරිණි.
සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල රෝග නිවාරණ සෞඛ්‍ය සේවා සඳහා කැබ් රථ 45ක් ලබා ගැනීමට කටයුතු සූදානම් කර තිබූ අතර 2022 ජනවාරි මාසයේදී ඉන් ඩබල් කැබ් රථ 38ක් මිලදී ගෙන එම කැබ් රථ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව එම වැඩපිළිවෙළේ මෑතකදී මිලදී ගත් ඉතිරි කැබ් රථ 07 මෙලෙස නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ලබා දීම සිදු කෙරිණි.