"එළිවෙන්න කලින් මරනවා" - ජාතික ජන බලවේගයේ මිල්ලනිය සභාපතිට මධ්‍යම රාත්‍රියේ ආ මරණ තර්ජනය

Report

ජාතික ජන බලවේගයට බලය හිමි මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයතුංග මහතාට නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් මරණ තර්ජන සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව හොරණ මූලස්ථාන පොලිසිය සදහන් කර තිබේ.

අද (15) අලුයම 1ට පමණ කිසියම් පුද්ගලයකු විසින් සභාපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී, 'එළිවීමට පෙර මරණ බවට' තර්ජනයක් සිදු කළ බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම දුරකථන ඇමතුමෙන් අනතුරුව සභාපතිවරයා වහාම පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර, ඒ අනුව හොරණ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවස වෙත ගොස් පැමිණිල්ල නිල වශයෙන් සටහන් කරගෙන තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හදිසියේම ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හදිසියේම ඉල්ලා අස්වෙයි

පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ තර්ජනය එල්ල කළ පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කරගැනීම සඳහා අදාළ දුරකථන අංකය සහ ඇමතුම් වාර්තා සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශන සිදුකරන බවයි .

සභාපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ද පොලිසියේ අවධානය යොමුවී තිබේ මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන හොරණ මූලස්ථාන පොලිසිය මගින් සිදුකරයි.