මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හදිසියේම ඉල්ලා අස්වෙයි
By Kanchana
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇත
මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවද ප්‍රකාශ කර තිබේ.
එතුමා ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය පෞද්ගලික හේතුවක් බවය.
රාත්‍රී 12 සිට උදෑසන 6 දක්වා ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ යූ ටියුබ් සමාජ මාධ්‍ය භාවිතයට මේ අයට ඇඳිරි නීතියක්
මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කළේය.
මේ වන විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හිස්ව පවතින අතර ඒ එම ධූරය දැරූ මංජුලා මඩහපොල මහත්මිය පසුගියදා විශ්රාම යාම හේතුවෙනි. එම තනතුරේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත්කර තිබේ.