හදිසි නිවේදනයක් - මේ ප්‍රදේශවල මුහුද රළු වේ අවදානම ගැන අනතුරු ඇගවීමක්

Report

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (11) පස්වරු 5.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (12) පෙරවරු 1.00 දක්වා බලපැවැත්වෙනු ඇත. එම නිවේදනයට අනුව, අදාළ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

රටම බලා සිටින අනෝජන් සිවරාසන්ගේ සිද්ධිය තීරණාත්මක තැනකට - අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට

රටම බලා සිටින අනෝජන් සිවරාසන්ගේ සිද්ධිය තීරණාත්මක තැනකට - අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී පැයට කිලෝමීටර 60-70 දක්වා වන තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, එමඟින් මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමට ඉඩ ඇති බවද සඳහන් වේ.

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ප්‍රදේශ සඳහා අනතුරු ඇගවීමක් - සුදානම් වන්නයැයි දැනුම් දෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ප්‍රදේශ සඳහා අනතුරු ඇගවීමක් - සුදානම් වන්නයැයි දැනුම් දෙයි