වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ප්‍රදේශ සඳහා අනතුරු ඇගවීමක් - සුදානම් වන්නයැයි දැනුම් දෙයි
දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ නියම විද්‍යාත්මක අංශය පියවර ගෙන තිබේ.
එම සංවිධානය සඳහන් කරන පරිදි අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 04.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වේ.
නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, යම් ආපදා ලක්ෂණයක් මතු වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.
අනතුරු ඇඟවීමේ මට්ටම් සහ ප්‍රදේශ:
මට්ටම 2 - අවධානම් (කහ පැහැය)
කෑගල්ල දිස්ත්‍රික්කය: රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල.
මට්ටම 1 - දැනුවත් වීමේ (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය - ඇල්ල සහ පස්සර. කළුතර දිස්ත්‍රික්කය - වලල්පිට සහ බුලත්සිංහල. මහනුවර දිස්ත්‍රික්කය - තුම්පනේ, යටිනුවර, හතරලියැද්ද සහ දොළුව. කෑගල්ල දිස්ත්‍රික්කය - අරණායක, දෙහිඕවිට, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල සහ වරකාපොළ. කුරුණෑගල දිස්ත්‍රික්කය - මාවතගම, මල්ලවපිටිය සහ අලව්ව. මාතලේ දිස්ත්‍රික්කය - මාතලේ, රත්තොට සහ අම්බන්ගඟ කෝරළය.
නුවරඑළිය දිස්ත්‍රික්කය: හඟුරන්කෙත රත්නපුර දිස්ත්‍රික්කය - ඉඹුල්පේ, නිවිතිගල, අයගම, කුරුවිට, වැලිගෙපොළ, ඇහැළියගොඩ, කලවාන සහ රත්නපුර. අඛණ්ඩව පවතින වැසි තත්ත්වය හේතුවෙන් නායයෑම්, පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින්, ඉහත ප්‍රදේශවල ජනතාවට සහ රියැදුරන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දී සිටී.