මර්වින්ගේ නඩුවක් විභාගයට ගන්න දින දෙයි

Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව, අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් 2010 සිට 2012 දක්වා කාලය තුළ නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දිනයක් නියම කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කර ඇත්තේ, මෙම නඩුවේ විභාගය 2025 නොවැම්බර් 17 වැනිදා ආරම්භ කරන බවයි.

අද (24) නඩුව කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම විසින් නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තිකරුට ලබාදුන් අතර, විභාගය සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නොවැම්බර් 17 වැනිදා විභාගයට ගැනීමට තීරණය කළේය.

මෙම චෝදනාවලට අනුව, මර්වින් සිල්වා මහතා විසින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම පවසයි.

සේවිකාවකට ලිංගික අතවර කර සති තුනක් සැඟව සිටි මාලිමාවේ ලොක්කෙක් අත්අඩංගුවට

සේවිකාවකට ලිංගික අතවර කර සති තුනක් සැඟව සිටි මාලිමාවේ ලොක්කෙක් අත්අඩංගුවට

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්