අනුර වුනත් අද රජ පුටුවේ ඉදගන ඉන්නේ මහින්ද මහත්තයට පිංසිද්ධ වෙන්න පාක්ෂිකයෙක් වේදනාවෙන් කෑ ගසයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුව තිබේ .
ඒ අනුව ඔහුගේ පාර්ශවකරුවන් අල්ලස් කොමිසම ඉදිරියට රැස්වී ඔහුට සහයෝගය පළ කිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වේ.
ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසමෙන් සිදු කළ දැනුම්දීමක් මත ඔහු මෙසේ කොමිසමට පැමිණ ඇත.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත සහයෝගය පළ කර පාක්ෂිකයෙක් අදහස් දක්වා ඇත්තේ මෙලෙසිනි
'' මාව හිරේ දැම්මට කමක් නෑ මම කියන්නේ ඇත්ත . අනුර කුමාර මාව ඉස්පිරිතාලෙට ගිහින් දැම්මත් කමක් නෑ මම කියන්නේ ඇත්ත . අනුර වුනත් අද රජ පුටුවේ ඉදගන ඉන්නේ මහින්ද මහත්තයට පිංසිද්ධ වෙන්න මේ රට මේ විදිහට තියෙන්නේ. කිසිම නායකයෙක්ට බැරි වුණා යුද්දේ ඉවර කරන්න එතුමට විටරයි පුළුවන් වුණේ කොන්ද පණ තියාගන යුද්දේ ඉවර කරන්න . රටට වින කරපු යුද්දේ ඉවර කරන්න එතුමට විතරයි පුළුවන් වුණේ . උඹේ මුළු පවුලටම හෙන ගහනවා මේවගේ මනුස්සයෙක් හිරේ දාලා ජීවිතය නැති කළොත් . උඹලා 159 ම වග කියන්න ඕනේ . මම එදා කිව්වා හොරා කනව පුතා මේ ගොල්ලො කියලා . මට සාක්ෂි නෑ ''