ශ්රී ලංකාවේ මෙතෙක් සිදු වූ ලොකුම වංචාව වහන්න ගිහින් 159ම හත්පොලේ ගාගත්තු දැලි ගැන මරික්කාර් කට අරී
අද(10) දින පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් විශ්වාසභංග යෝජනාව ස්ථිර කරමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා ප්රකාශ කර සිටියේ, 225ම හොරුයි කියලා කියපු ජනතා විමුක්ති පෙරමුණට ඔවුන් එකසිය පනස් නම දෙනාම හොරුන් කියලා ඔප්පු වන දවස අද දිනය බවයි.
ඒ අනුව ශ්රී ලංකාවේ මෙතෙක් සිදු වූ ලොකුම වංචාව වන ගල් අඟුරු වංචාව වැසීමට ගොස් මාලිමාවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන්ගේ මුහුණුවල ගල් අඟුරු තවරාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මන්ත්රීවරයා කියා සිටියේ,
"මේ මහා ගල් අඟුරු වංචාව සංවිධානාත්මක මංකොල්ලයක්. අපිට ආරංචි විදියට දැන් ඇමතිතුමා කියනවලු මේක කැබිනට් මණ්ඩලයම අනුමත කරල තියෙන්නේ කියලා. මුලින්ම බාල ගල් අඟුරු නැව් තුනම ආපු වෙලාවේ අපි මේ ගැන කිව්වා. ඒ වෙලාවේ අපි කියන දේ ඇහුවේ නෑ අපිට මඩ ගැහුවා. ඒ වෙලාවේ මේ ප්රශ්නය විසඳුවනම් අද මෙහෙම වෙන්නේ නෑ. ඒ වෙලාවේ අපිට ඇහුම්කන් දෙන්න ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නෑ. ගල් අඟුරු නැව් පහකින් පමණක් රුපියල් මිලියන 4200ක් මේ රටට පාඩු කරලා තියෙනවා." යනුවෙන්.