නොරොච්චෝලේ ඉතිහාසයේ විශාල කළු පැල්ලම ගැන චානක කට අරී - ඉදිරියේ විශාල විදුලි කප්පාදුවකට යෑමේ හැකියාවක්[VIDEO]
බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් රුපියල් බිලියන 100ක පමණ පාඩුවක් සිදුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමෙන් අනතුරුව මෙවැනි විශාල පාඩුවක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවයි.
මේ අතර අද(10) දිනයේ විවාදයට ගැනීමට නියමිත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද ඊයේ දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඩී.වී. චානක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
" ඊයේ දිනයේ විදුලි බල මණ්ඩලයයේ NSO විදුලි බිල් වැඩි කිරීමට ඉල්ලීමක් කළ ඒ වාර්තාවේ තියෙනවා අප්‍රේල් මාසේ ඉඳන් ජූනි මාසේ වෙනකල් කෝටි 2500ක් ගල් අඟුරු වංචාවෙන් පාඩුයි. ඒක ජනවාරි, පෙබරවාරි මාර්තු නැතුව. අපේ ගණනය කිරීම් අනුව ආසන්න වශයෙන් කෝටි දාදාහක්, බිලියන 100ක් පාඩු වෙලා තියෙනවා. ඊට අමතරව ඊයේ විගණන වාර්තාවේ තියෙනවා කෝටි 220ක අමතර ගල් අඟුරු ප්‍රමාණයක් යනවා මේක නිෂ්පාදනය කරන්න. ඊට අමතරව තියෙනවා යුනිට් බිලියන 141 ක් නැව් 9න් නැති වෙනවා. ජුලි මාසේ මැද වෙනකොට ලංකාවේ ගල් අඟුරුත් නැති වෙනවා එතකොට මාස එකහාමාරක් විතර දුවන්න වෙන්නේ සම්පූර්ණ ඩීසල්වලින්. අර මෙගාවොට් 900ම. එතකොට සමහර විට බිලියන 100 සීමාවත් පැනීමේ ඉඩකඩ තියෙනවා. ඒවගේම විශාල විදුලි කප්පාදුවකට යෑමේ හැකියාවකුත් තියෙනවා."
ඔය තුන්වෙනි පුටුවෙ ඉන්න ඇමතිවරයා හිරේ දාන්න...පාර්ලිමේන්තුව දෙවනක් කරමින් චමින්ද විගණන වාර්තාව දමලා අරී
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,