සියලුම අධිකරණ නිලධාරීන්ට දැනුම් දීමක්
අධිකරණ නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ ප්‍රවණතාව වැඩිවී තිබීම නිසා ගැටලු රැසක් මතුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අධිකරණවල සේවයේ යෙදී සිටින උපලේඛනගත නොවන නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ ප්‍රවණතාවය වැඩිවී තිබීම නිසා පැන නැගී ඇති ගැටලු පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් දැනුවත් කර ඇති බව වාර්තා වේ.
එහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ අධිකරණ නිලධාරීන් වෙත දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීමේ ප්‍රවණතාව වැඩිවීම තුළින් ඇතිවන නිලධාරි පුරප්පාඩු නිසා අධිකරණ කටයුතු නිසි ආකාරයට පවත්වාගෙන යාමට නොහැකි වන බවයි.
එබැවින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අධිකරණ නිලධාරීන්ට නිවාඩු ලබාදීම නිර්දේශ කරන්නේ නම් වර්තමාන කාර්යය මණ්ඩලයෙන් එම රාජකාරී කටයුතු කළමනාකරණය කරගත යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත දැනුම් දී ඇත.
මෙසේ නිවාඩු ලබාගැනීම කරනු ලබන ඉල්ලීම් පිළිබඳව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය නිසා එම ඉල්ලීම් අදාළ දිනට සති දෙකකට පෙර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත ලැබෙන ලෙස යොමු කරන ලෙස ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දී ඇති බව සඳහන්.