"මට මගේ බිරිදව ගෙනල්ලා දෙන්නකෝ ළමයි තුන්දෙනා අඩනවා" විදෙස් ගත බිරිද ඉල්ලා පුද්ගලයෙක් විදුලි කණුවට නගී
විදේශගතව සේවය කරන තම බිරිඳට නිවසට පැමිණීමට උදව් කරන මෙන් ඉල්ලමින් පුද්ගලයෙක් විදුලි කණුවකට නැග උද්ඝෝෂණය කිරීමේ පුවතක් වාර්තා වේ.
තත්ත්වය සමනය කිරීම සදහා පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයින් එක්ව, එම පුද්ගලයාව විදුලි කණුවෙන් ආරක්ෂිතව බිමට බස්සවා ඇත.
එහිදී එම පුද්ගලයා මාධ්‍ය වෙත කියා සිටියේ තම දරුවන් තිදෙනා මව නොමැතිව නොයෙකුත් අපහසුතා වලට මුහුණ පාන බවයි.
තම බිරිද විදෙස්ගතව සේවය කරන අතර ඇයට නැවත මෙරටට පැමිණීමට උදව් කරන මෙන් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීම් කරයි.
තම ඉල්ලීම් වෙනුවෙන් මේ ආකාරයට අවධානම් ලෙස විදුලි කණු මත නැගීම කිසිසේත්ම අනුමත කළ නොහැකි අතර මෙමගින් ජීවිත හානි වුවද සිදුවීමේ අවධානමක් පවතී.