ජනතා ආදරය ලාභ අරමුණුවලින් තොර බව හිටපු ජනාධිපති මහින්ද කියයි

Report

විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණුවලින් තොර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, තම ජීවිතයේ බොහෝ කාලයක් ජනතාව අතර ගත කළ තමන්ට ජනතාවගේ ආදරය හුරුපුරුදු බවයි.

මෙම ආදරයේ වටිනාකම අන් කවරදාටත් වඩා ඉහළ බවත්, එය දේශපාලනික සම්බන්ධතාවයකට පමණක් සීමා නොවූ, හෘදයාංගම බැඳීමක් බැවින් බිඳ හෙළීමට අපහසු බවත් එම සටහනේ දැක්වේ.

එම බැඳීම බිඳ දැමීමට ගන්නා උත්සාහයන් හරහා එය තවත් ශක්තිමත් විය හැකි බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, නායකයෙකු ලෙස ලැබිය හැකි උපරිම සතුට ජනතාව සමඟ ගත කරන මෙම කාලය තුළ තමන් අත්විඳින බව සිය සටහනෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

සියලු දේ අහිමි වෙද්දී මහින්ද වෙඩි නොවදින රථයත් බාර දෙයි

සියලු දේ අහිමි වෙද්දී මහින්ද වෙඩි නොවදින රථයත් බාර දෙයි