මහින්ද වහාම අත්අඩංගුවට ගන්න - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ තිබූ වටිනා භාණ්ඩ රැසක් සොරකම් කර විජේරාම මාවතේ පිහිටි නිල නිවස වෙත ගෙන ගොස් ඇති බවයි.
උත්සවයක් අමතමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසන්නේ විජේරාම මාවතේ නිල නිවසේ මහින්ද රාජපක්ෂ මහතාට අයත් පෞද්ගලික බඩු භාණ්ඩ කිසිවක් නොමැති බවයි.
එමෙන්ම නිල නිවසේ රජයේ භාණ්ඩ ලැයිස්තුව අනුව වෙන් කිරීමෙන් පසු තම පෞද්ගලික භාණ්ඩ ඉවත් කරගෙන යන බවට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය දැනුම් දීම, සොරකම් කරන ලද භාණ්ඩ ගෙන යාමේ අරමුණින් කරන ලද්දක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
අදාළ භාණ්ඩ ජනාධිපති මන්දිරයෙන් සහ අරලියගහ මන්දිරයෙන් ගෙන යන අවස්ථාවේදී එම මන්දිරවල සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් බවද ඔහු පවසයි.
"මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අයි ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලිවලින්. මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්... මම පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ දාන්නේ අරලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපොළ මේකට ඉස්සුවාට. පැය 24න් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්.