තවත් පාතාල කල්ලි සාමාජිකයෙක්ගේ මස්සිනෙක් අවිත් එක්කම අත්අඩංගුවට
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'මහේෂ් බංඩාර'ගේ මස්සිනා අවි හා තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් සිදුකළ මෙහෙයුමක දීයි.
මෙම වැටලීම ඊයේ (09) දින පන්නල පොලිස් වසමේ මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ සිදුකළ බව සඳහන්.
එම අවස්ථාවේදී පහත සඳහන් අවි ආයුධ සමඟ වයස අවුරුදු 46ක් වන මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් භාණ්ඩ පහතින් දක්වා ඇත.
1) විදේශිය රටක නිශ්පාදිත රිපිටර් වර්ගයේ අවි 01 යි.
2 )විදේශීය නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවි 01 යි.
3) පිස්තෝල අවිය සදහා යොදන පතුරම් ගැබ් 01 යි.
4)9mm වර්ගයේ උණ්ඩ 07 යි.
5) බෝර 12 වර්ගයේ උණ්ඩ 09 යි.
6) කඩු 01 යි.
7) මුදල් රුපියල් 1,100 යි.
8) 791432553V දරණ ජාතික හැදුනම්පත සමග මුදල් පසුම්බි 01 යි.