ලංකාව වටේට ඇති වායුගෝලීය කැළඹිමේ නවතම තත්ත්වය මත රටටම නිවේදනයක් - ඉදිරි දින 07 තුළ වෙන්නේ මේකයි[UPDATE]
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 වෙනිදා පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
කෙසේ වුවද එය ඉදිරි දින 07 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව ඉතා අඩු බවට එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි. එබැවින් පළමු දින තුන තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය නොවනු ඇත.
එසේම පස්වන දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමේ සම්භාවිතාව අඩුව වූවත් හය වන දිනයේදී එම සම්භාවිතාව සාමාන්‍ය අගයක පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.
එමෙන්ම හත් වන දිනයේදී එම සම්භාවිතාව ඉහළ බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම කාලගුණ අනාවැකිකරණය සිදු කර ඇත්තේ අද (09) දිනයේ ලබාගත් දත්ත මත පදනම්ව බව පවසයි.
මේ අතර දිවයිනට වටා පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අඳාළ නිවේදනයේ දක්වා ඇත.
ඉන්දියාව විනාසයි? දකුණු ආසියානු මිලිටරි ඉතිහාසයේ තීරණාත්මකම ආරක්ෂක ගනුදෙනුවෙන් ඉන්දියාව වටේට මිසයිල සවි කරයි