හදවතින්ම ආදරය කරන්න - ලෝක හදවත් දිනය අද!

Report

සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලැබේ.

ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකිය හැකි අතර ලෝක හදවත් දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබද දැනුවත් කර එමගින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීම වේ.

මෙවර හදවත් දිනයේ තේමාව වන්නේ ''සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා'' යන්න වේ.

මේ අතර ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පවසයි.

ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ඊයේ (28) පැවති වැඩසටහනකට එක්වෙමින් ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පවසා ඇත.

හදවතින්ම ආදරය කරන්න - ලෝක හදවත් දිනය අද! | Love Your Heart World Heart Day

එවගේම හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වා ගත හැකි හදවත් මරණ වළක්වා ගැනීම සඳහා එක්වී කටයුතු කිරීම බව වෛද්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම සදයන් කරන්නේ සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම හරහා හෘද රෝග අවම කර ගැනීමට හැකියාව පවතින බවය.

ඒ ශාරීරික ව්‍යායාම , යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද මේ සඳහා වැදගත් වන බව ඔහු මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

දෙහි යුෂවල තියෙන මේ විස්මිත ප්‍රතිඵල දන්නවා නම් හැමදාම බොයි

දෙහි යුෂවල තියෙන මේ විස්මිත ප්‍රතිඵල දන්නවා නම් හැමදාම බොයි