දෙහි යුෂවල තියෙන මේ විස්මිත ප්‍රතිඵල දන්නවා නම් හැමදාම බොයි

Report

දෙහි කිව්වම සාමාන්‍යයෙන් අපිට නැතුව බැරි දෙයක්නේ. පිසින ආහාරයට රස එක් කර ගන්න වගේම අපි ඖෂධයක් විදිහට, ආහාරයට , බීමට , රූපලාවණ්‍ය කටයුතුවලට සහ විවිධ පිරිසිදු කිරීම්වලටත් දෙහි දිනපතා භාවිතයට ගන්නවා.

දෙහිවල තියෙන විවිධ ගුණ නිසාම වර්තමානයේ ඇතමුන් දෙහි බීම බහුලව සිදු කරනවා දැක ගන්න ලැබෙනවා.

ඉතින් අද කියන්න යන්නේ එහෙම දෙහි මිශ්‍ර වතුර පානය කිරීමෙන් ලබා ගන්න පුලුවන් වාසි මොනවද කියලා.

බත්වලට නැතුවම බැරි රම්පෙ ගැන ඇහෙන බය හිතෙන කතාවක්, සුවඳට දැම්මා වගේ නෙවෙයි

බත්වලට නැතුවම බැරි රම්පෙ ගැන ඇහෙන බය හිතෙන කතාවක්, සුවඳට දැම්මා වගේ නෙවෙයි

01- ජල පරිභෝජනය වර්ධනය කරයි

දිනකට වතුර වීදුරු අටක් පමණ පානය කළ යුතු වුවද බොහෝ අයට එය මග ඇරෙන සහ අකමැති දෙයක්. එහෙත් ඔබ දෙහි මිශ්‍ර වතුර පානය කරනවා නම් ඔබට වැඩි වතුර ප්‍රමාණයක් පානය කරන්න උනන්දුවක් ඇති වෙනවා.

02 – ආහාර දිරවීමට උපකාරි වේ

දෙහි මිශ්‍ර වතුර පානය කිරීම ආහාර දිරවීමට ඉතා පහසු වන බව පර්‍යේෂණ මගින් සොයාගෙන ඇත. ආමාශයේ ආහාර ජීර්ණ ස්‍රාවය උත්තේජනය කිරීමට උපකාරී වන සංයෝග දෙහිවල අඩංගු වන බව වාර්තා වෙනවා.

03 – පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරයි

පැඟිරි කුලයේ පලතුරු පරිභෝජනය මගින් පිළිකා අවධානම අඩු වන බව 2015 වසරේදි වෛද්‍ය බැල්ටිමෝර් සිදු කළ අධ්‍යනයකදි සොයාගෙන ඇත.

04 – සම පැහැපත් කරයි

දෙහි වල විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා ඒවා සම පැහැපත් කිරීමට උදවු වේ. එමෙන්ම සම වියපත් වීම සහ සම එල්ලා වැටීම වැනි තත්වයන්ද දෙහි මිශ්‍ර වතුර පානය කිරීමෙන් අවම කරගන්න පුළුවන්.

05 – බර අඩු කරගැනීමට උපකාරි වෙයි

පෝෂණවේදීන් බොහෝ විට නිර්දේශ කරන්නේ අධිකව ආහාර ගැනීම වැළැක්වීමට ඔබ ගන්නා ආහාර වේලකට පෙර දෙහි මිශ්‍රවතුර වීදුරුවක් පානය කිරීමයි. ඒ වගේම දෙහි යුෂවල අඩංගු සිට්රික් අම්ලය පුද්ගලයෙකුගේ පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වන අතර වැඩි කැලරි දහනය කිරීමට සහ මේදය අඩුවෙන් ගබඩා කිරීමටද උපකාරී වේ.

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

06 – ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි

දෙහි මිශ්‍ර වතුර පානය කිරීමෙන් එහි අඩංගු විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වීම මගින් එය වැඩි දියුණු කරයි. එමෙන්ම දෙහි මිශ්‍ර වතුර දිනපතා පානය කරන විට සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝගවල ආයු කාලය වළක්වා ගැනීමට සහ කෙටි කිරීමට උපකාරී වෙනවා.

07 – හදවත් රෝග ඇතිවීමෙ අවධානම අඩු කරයි

දෙහි වල මැග්නීසියම් සහ පොටෑසියම් ඉහළ මට්ටමක පවතිනවා.මෙම මූලද්‍රව්‍ය දෙකම හෘද් සෞඛ්‍ය සඳහා සහාය වන අතර විශේෂයෙන් පොටෑසියම් මගින් රුධිර ප්‍රවාහය වැඩි දියුණු කර රුධිර පීඩනය අඩු කරනු ලබනවා .ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටද දෙහි මිශ්‍ර වතුර පානය කිරීම උපකාරී වෙනවා.

08 – වකුගඩු වල ගල් ඇතිවීම වලක්වයි

දෙහිවල අඩංගු සිට්රික් අම්ලය සහ විටමින් සී මගින් සමහර වර්ගවල වකුගඩු ගල් කැඩීමට හෝ වළක්වා ගැනීමට උපකාරී වන බව 2014 දි පර්‍යේෂණයකින් සොයාගෙන ඇත. එම පර්යේෂකයන් නිගමනය කරන්නේ විටමින් සී සහ සිට්‍රික් අම්ලය පුද්ගලයන්ගේ ආහාර වේලට ඇතුළත් කිරීමෙන් පුද්ගලයෙකුට අනාගතයේදී වකුගඩුවල විශේෂිත ගල් සෑදීමේ අවදානම අවම කර ගත හැකි බවයි.

දෙහි මිශ්‍ර වතුර පානය කිරීමෙන් ඔබට මෙම සෞඛ්‍යමය වාසි ලැබිය හැකි වුවත් ඔබ බඩ දැවිල්ල , ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වවලින් පෙලෙන අයෙක් නම් දෙහි මිශ්‍ර වතුර පානයේදී ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා.

බොහෝ විට එවැනි තත්ත්වවලදී දෙහි යුෂ පානයෙන් වළකින ලෙස බොහෝ දෙනා නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත් දෙහි මිශ්‍ර වතුර පානය කිරීමේදී ඔබේ සෞඛ්‍ය තත්ත්වය අනුව එය සිදු කිරීම අනවශ්‍ය ගැටලු ඇති කිරීම මඟ හරියි.

ලිස්සන නිසා බණ්ඩක්කා කන්නේ නැත්ද? මේක බලන්නකෝ කන්නයි බොන්නයි දෙකම හිතෙයි

ලිස්සන නිසා බණ්ඩක්කා කන්නේ නැත්ද? මේක බලන්නකෝ කන්නයි බොන්නයි දෙකම හිතෙයි