ලොහාන් දේශපාලන දඩබ්බරයෙක්..මම කිසිම දවසක මිතුදම් ලෙන්ගතුකම් අමතක කරලා නෑ, මිතුරාගේ වියෝව ගැන සංවේදී වූ මහින්ද

Report

ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ඉදිරිපත් කරමින් තමා විශ්වාස කරන මතවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ ඔහුගේ X ගිණුමේ තැබූ සටහනකින්. එම සටහන පහතින්,

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

"හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව අසා මම බෙහෙවින් සංවේගයට පත් වූයෙමි.වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අපව වේදනාවට පත් කරයි. ලොහාන්ගේ හදිසි වියෝව මා තුළ දැඩි වේදනාවක් ඇති කළ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ ලෙස මා කිසිදින මිතුදම්, ලෙන්ගතුකම් අමතක කර නැත. අමතක කරන්නේද නැත. සැමදා මා සමඟ සිටින ජනතාව ද, දේශපාලන සගයන් ද මගේ ශක්තියයි. ලොහාන් ද සැමදා මා සමඟ මා අසලින්ම සිටි සමීපතමයෙකි.

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

බොහෝ දෙනෙකු ඔහුව හඳුනන්නේ ඍජු, දැඩි තීරණ ගන්නා දේශපාලකයෙක් ලෙසිනි. ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ප්‍රකාශ කරමින් තමා විශ්වාස කරන මතවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙකි. මහනුවර ජනතාවට හිතවතෙකි. මහින්දට හිතවතෙකි. වසර ගණනාවක් පුරා සමීපව ඇසුරු කළ ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මා හිතවත් ලොහාන් ඔබට සුබ ගමන්." යනුවෙන්.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ලොහාන් රත්වත්තේ මහතා කලක් අක්මාවේ තදබල රෝගී තත්ත්වයකින් පෙළුණු අතර අනතුරුව නිව්මෝනියාව රෝගය වැළඳී එය උත්සන්න වීමෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඊයේ දින පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබුණා.

ඔහුගේ පවුලේ ඥාතීන් ඔහුගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු හෙට 17 දින මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේදී සිදුකෙරෙන බව සඳහන් කර ඇත. 

මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා..එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි, බුකිය කළඹපු වීඩියෝව ගැන හිමාලි කිව්ව කතාව

මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා..එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි, බුකිය කළඹපු වීඩියෝව ගැන හිමාලි කිව්ව කතාව