වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක්

Report

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී අද (08) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක තවත් ලොරි රථයක් ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අත්‍යවශ්‍ය සේවාලාභීන් වෙනුවෙන් පමණක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අත්‍යවශ්‍ය සේවාලාභීන් වෙනුවෙන් පමණක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අනතුරින් තුවාල ලබා ඇත්තේ මාළු ප්‍රවාහනය කළ ලොරි රථයේ ගමන් කළ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

ඒ අනුව අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක (CCTV) සටහන් වී ඇති අතර, අධික වේගය පාලනය කරගත නොහැකි වීම අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරේ.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

ට්‍රම්ප්ගේ සටන් විරාමයට ඊශ්‍රායල සහාය

ට්‍රම්ප්ගේ සටන් විරාමයට ඊශ්‍රායල සහාය