ඇප අරන් පැනලා ගිය ප්‍රබල අපරාධකරුවෙක් වන පොඩි ලැසී හෙට දිවයිනට

Report

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට පොලීසියට අවශ්‍යව සිටින ජනිත් මධුසංඛ නොහොත් "පොඩි ලැසී" හෙට (27) දින අලුයම මෙරටට රැගෙන ඒමට නියමිත බව සඳහන්.

ඒ අනුව අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව අතුරුදන්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී 2024 වසරේදී ඇප ලබාගෙන ඉන්දියාවට පලාගොස් තිබුණු බව වාර්තා විය.

එසේ ඇප හිමිවීමෙන් පසුව ඔහු අධිකරණ භූමියෙන් පිටව ගියේ නීතීඥවරයෙකුගේම මෝටර් රථයකින් බව සඳහන්.

පොඩි ලැසී මෙරටට රැගෙන ඒම සඳහා CID නිලධාරීන් පිටත්ව යයි

පොඩි ලැසී මෙරටට රැගෙන ඒම සඳහා CID නිලධාරීන් පිටත්ව යයි

ඉන්පසුව ඔහු ඉන්දියාවේ, මුම්බායිහීදී 2025 වසරේ ජනාවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඉන්දියාවට ගොස් ඇති අතර ඔහු හෙට (27) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිත බව සඳහන්.

නිරුවත ඉල්ලා අවුරුදු තුනක් තරුණියන්ට තර්ජනය කළ තරුණයා රිමාන්ඩ් - ෆෝන් හැක් කරලා මුලින්ම නිරුවත් වීඩියෝ අරන්

නිරුවත ඉල්ලා අවුරුදු තුනක් තරුණියන්ට තර්ජනය කළ තරුණයා රිමාන්ඩ් - ෆෝන් හැක් කරලා මුලින්ම නිරුවත් වීඩියෝ අරන්

ලංවිමට ඇරඹූ වැඩවර්ජනයට සේවකයන්ගෙන්ම කනේ පාරක් - ඇමතිටත් ලිපියක්

ලංවිමට ඇරඹූ වැඩවර්ජනයට සේවකයන්ගෙන්ම කනේ පාරක් - ඇමතිටත් ලිපියක්