නැවත සක්‍රීය වූ නාය අනතුරු සමඟ රටේ තත්ත්වය අවදානමේ - මුහුදු රළත් මීටර් 2.5 - 3 දක්වා ඉහළට
වැලිමඩ, මස්පන්න මාර්ගයේ ගම්සභාව බඹරපාන ප්‍රදේශයේ පවතින වර්ෂාව නිසා පස් කන්දක් නාය ගොස් ඇත. ඒ අනුව නායයෑම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන්.
ඊයේ (05) දින සවස මෙසේ පස් කන්ද නාය ගොස් තිබූ අතර, මේ හේතුවෙන් වැලිමඩ, මස්පන්න මාර්ගය බස් රථ ධාවනය ද අඬාල වී තිබූ බව වාර්තා වේ.
එමෙන්ම මේ වන විට ඌව පරණගම ප්‍රාදේශී සභාවේ මඟින් අදාළ ස්ථානයේ නාය ගිය පස් ඉවත් කරමින් පවතින අතර, මේ වන විට වාහන ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
මේ අතර, ගත වූ පැය 24 තුළ මි.මී 173.5ක උපරිම වර්ෂාපතනය අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගලින් වාර්තා වී ඇත. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටියට මි.මී 120.5ක් හා ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයට මි.මී 112ක වර්ෂාපතනයක් සහ නුවරඑළියේ ගෝනපිටිය ප්‍රදේශයට මි.මී 98ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වේ.
ඊයේ (05) උදෑසන 8.30 සිට අද (06) උදෑසන 8.30 දක්වා වූ පැය 24ක කාලය තුළ මෙම වර්ෂාපතනය වාර්තා වී ඇති බව සඳහන්.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයේ, ඌව පළාතේ සහ නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව දක්වා ඇත.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාතවලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50ක පමණ තද සුළං ඇති විය හැක.
එමෙන්ම වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත් සඳහන්. එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි අතර, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3ත් අතර ඉහළ යා හැකි බව ද වාර්තා වේ.