මේ සියලුම ගුවන් ගමන් අනුමැතීන් සහ බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - 23 දක්වා ක්‍රියාත්මකයි
By Kaushi
ආරක්ෂිත හේතූන් මත කුවේට් රාජ්‍යය සිය ගුවන් කලාපය හරහා ගමන් කරන වෙනත් රටවල ගුවන් ගමන් (Overflights) වලට අවසර දීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එබැවින් මෙම සීමා කිරීම් එළඹෙන මැයි 23 වන දින දක්වා ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් නිවේදනය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම හදිසි තීරණයත් සමඟ කුවේට් ගුවන් කලාපය භාවිත කිරීම සඳහා මීට පෙර ලබා දී තිබූ සියලුම ගුවන් ගමන් අනුමැතීන් සහ බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇති බව පවසයි.