ජංගම දුරකථන මිල ශීඝ්‍රයෙන් ඉහළට.. කැඩුනට හදන්නත් ලේසි නෑ උපාංගත් ගිනි ගණන් වෙන ලකුණු
By Kaushi
ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම (කඩා වැටීම) හේතුවෙන් මෙරට වෙළඳපොළේ ජංගම දුරකථන සහ ඒවායේ උපාංග (Accessories) මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංගවල මිල ගණන් 20% ත් 25% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව එම සංගමය පෙන්වා දෙයි.