හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින දෙයි

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන සැප්තැම්බර් මස 07 වැනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (15) දින නියෝග කර ඇත.

ඒ අනුව අද (15) මෙම නඩුව විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ පැවැත්වුණු අතර, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

පසුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වැනි දින තෙක් කල් තැබීමටයි නියම කළා.

හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

ඉකුත් 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින් එහි ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීමේදී එම සමාගමට වාසිදායක ලෙස ක්‍රියා කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

"එළිවෙන්න කලින් මරනවා" - ජාතික ජන බලවේගයේ මිල්ලනිය සභාපතිට මධ්‍යම රාත්‍රියේ ආ මරණ තර්ජනය

"එළිවෙන්න කලින් මරනවා" - ජාතික ජන බලවේගයේ මිල්ලනිය සභාපතිට මධ්‍යම රාත්‍රියේ ආ මරණ තර්ජනය

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි