අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළට. - මිල අඩු වෙන්නේ මෙහෙමයි.
By Wayomi
විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රු 25කින් අඩුකරන බවයි.
මේ අතර රයිස් සහ කොත්තු මිලත් රු 25කින් පහළ දමන අතර, පරාටා, බිත්තර රොටි සහ කෙටි ආහාර වර්ග සියල්ල රුපියල් 10කින් පහළ දැමීමට නියමිතයි..
ප්ලේන් ටී එකක් රුපියල් 5කි අඩු කිරීමට නියමිත අතර මෙම සහනය දිවයින පුරා සියලු පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ද සභාපතිවරයා ආපනාශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.