මේ විශ්වවිද්‍යාල සිසුන්ට අද සිට බලපැවැත්වෙන විශේෂ නිවේදනයක් - රෑ 10 න් පස්සේ සරසවිය තහනම්
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පදනම් කරගෙන කැලණි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ හා ශිෂ්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රයේ රාත්‍රි 10:00න් පසු ශිෂ්‍ය ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් නතර කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීන්දු කර තිබෙන බව එහි උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා නිවේදනය කර ඇති බව සඳහන්.
නවක වදයට එරෙහි කමිටුව ඉකුත් 16 වන දින ගත් මෙම තීන්දුව ඊයේ (පෙබ. 17) සිට ක්‍රියාත්මක බවත් එම තීන්දුවට එරෙහිව සිදුවන කටයුතු පාලනයට නීතිමය පියවර ගන්නා බවත් අඳාළ නිවේදනයේ දක්වා ඇත.
එබැවින් රාත්‍රි 10:00න් පසුව ශිෂ්‍ය ක්‍රියාකාරකම් සිදුවන්නේදැයි විමසිලිමත් වීමට අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බව ද උපකුලපතිනිය තම නිවේදනයේ දක්වා තිබෙනවා.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් කියා සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයීය පරිපාලනය ගත් මෙම තීන්දුව දැඩිව හෙළා දකින බවයි.
එමෙන්ම මෙම තීරණය ඉවත් කරගන්නා තෙක් විශ්වවිද්‍යාල මට්ටමින් ශිෂ්‍ය සංගම්වල විරෝධය පළ කරන බවත් ඔහු සඳහන් කළා.
පරිපාලනයේ අදාළ තීරණය නොතකා විද්‍යාර්ථින් පෙර ලෙසම සිය ක්‍රියාකාරකම්වල නිරත වන්නේ යැයිද අන්තරේ කැඳවුම්කරු වැඩිදුරටත් සඳහන් කර ඇත.
විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වාරාදත්ත ඉලංගසිංහ සඳහන් කර ඇත්තේ,
“විශ්වවිද්‍යාල තුළ සෑම කටයුත්තකම රාත්‍රි 10.00 පසු තහනම් කිරීම ප්‍රයෝගික නැහැ. මොකද රාත්‍රී කාලයේදී කලා කටයුතු හා විවිධ ප්‍රසංග කටයුතු විශ්වවිද්‍යාල තුළ සිදුවෙනවා. නවක වදය නැවැත්වීම සඳහා අනිවාර්යෙන්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි.” යනුවෙන්.