කුඩා දරුවෙකු ඇතුළු 3කට දිවි අහිමි කළ කටුකුරුන්දේ දුම්රිය ඛේදවාචකයේ තොරතුරු රැසක් එළියට.

Sri Lanka Police Kalutara Accident Death Kalutara Incident
By Wayomi Oct 13, 2024 09:02 AM GMT
Wayomi

Wayomi

Report

කළුතර - කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ මාතර සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගියා.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.


මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර වෙනිවැල්කැටිය, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචි රොෂාන් ජානක නැමැති 49 හැවිරිදි විවාහක පුද්ගලයක්, තරුෂ අසංක නම් 21 හැවිරදි පුද්ගලයකු සහ සනුල් මිතේෂ් නැමැති වයස අවුරුදු දෙකක් පමණ වන දරුවෙක්.

අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනතුරට ලක්වූ කුඩා දරුවා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ 21 හැවිරිදි තරුෂ අසංක නැමැත්තා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි.

ඔහු සිය දරුවා රැගෙන නිවසින් පිටව දුම්රිය ස්ථානය දෙසට ගමන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැක සිතී ඔවුන් පසුපසින් ජීවිතක්ෂයට පත්වූ 49 හැවිරිදි පුද්ගලයාද ගමන් කර තිබෙනවා.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් කිහිපයක් වසා දැමේ. - වැසුණු පාසල් මෙන්න.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් කිහිපයක් වසා දැමේ. - වැසුණු පාසල් මෙන්න.


පසුව දුම්රිය වේදිකාවේ රැඳී සිටි ඔවුන් දෙසට දුම්රියට එනු දැක එම දරුවා සහ ඔහුගේ පියා දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා උත්සාහ කිරීමේදී ඔවුන් තිදෙනාම දුම්රිය මාර්ගයට ඇද වැටී අනතුරුට ලක්වී ඇති බවයි ඥාතීන් සඳහන් කරන්නේ.

මේ අතර අනතුර සිදුවූ ස්ථානය අසළ තිබී මත්පැන් වර්ගයක්ද හමුවූ බවයි දුම්රිය නියාමකවරයා දුම්රිය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

කෙසේ වෙතත් මෙය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැති බවයි බවයි පොලිසිය පවසන්නේ.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්. - රෝගයේ භයානකකම ගැන දැනුම්දීමක්.

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්. - රෝගයේ භයානකකම ගැන දැනුම්දීමක්.