ලංකාවේ ප්‍රධාන පාලමක් කඩාගෙන යයි - කළු, කැලණි, මහ ඔය සහ අත්තනගලු ඔය පිටාර ගලයි – සුළු ගංවතුර මට්ටමේ

Report

නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් අද (22) රාත්‍රියේ සහ හෙට (23) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස කෑගල්ල පඹේගම වතුයායෙන් මිලිමීටර් 336.5ක වැසි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. කිරිඳිවැලෙන් මිලිමීටර් 332ක්, අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායෙන් මිලිමීටර් 291.5ක් සහ හංවැල්ලෙන් මිලිමීටර් 216ක වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට - කැළඹෙන කාලගුණයේ නවතම තොරතුරු

ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට - කැළඹෙන කාලගුණයේ නවතම තොරතුරු

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟ, කැලණි ගඟ, අත්තනගලු ඔය සහ මහ ඔය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ජල මට්ටම් සුළු ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඉදිරි පැය 48 තුළ කැලණි ගඟ නිම්නයේ හංවැල්ල පහළ ප්‍රදේශ වන සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා තිබේ.

අධික වර්ෂාවත් සමඟ අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් වාර්තා වී ඇති අතර, කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ. පුවක්පිටිය තුම්මෝදර හංදිය, සීතාවක උද්භිත උද්‍යානය සහ යටියන්තොට ප්‍රදේශයේද ජල ගැලීම් පවතින බව වාර්තා වේ.

රතු නිවේදනයක්! කැලණි ගඟේ ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළට - ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක්

රතු නිවේදනයක්! කැලණි ගඟේ ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළට - ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක්

හංවැල්ල - නිට්ටඹුව මාර්ගය පූගොඩ නගරයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ධාවනයටද බාධා එල්ල වී තිබේ.

අත්තනගලු ඔය ආශ්‍රිතවද ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ගම්පහ, මීරිගම, අත්තනගල්ල, මහර, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.

මේ අතර, මීරිගම - මීගමුව ප්‍රධාන මාර්ගයේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පාලමක් සම්පූර්ණයෙන්ම කඩාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

කළු ගඟ ආශ්‍රිතවද රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

වාහන හිමිකරුවන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි නියෝගයක් - ජුනි 30ට පෙර මේ දේ කරන්න

වාහන හිමිකරුවන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි නියෝගයක් - ජුනි 30ට පෙර මේ දේ කරන්න

අධික වර්ෂාව හේතුවෙන් රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 3ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 4ක් වසා දැමීමටද පියවර ගෙන තිබේ.

හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවීම හේතුවෙන් රෝගීන් වෙනත් වාට්ටු වෙත යොමු කර ඇති අතර, පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබේ. හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයට ගලහිටියාව ප්‍රදේශයෙන් විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වූ අතර, පුත්තලම ප්‍රදේශයේ නිවාස රැසකටද සුළඟින් හානි සිදුවී ඇති බව සඳහන් වේ.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 'ඉවත්වන්න' යන තුන්වන මට්ටමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

කොස්ගම පොහොරබාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් නාය යාමෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

මොනරාගල ගොවීන්ට මෙවර වරදින්නේ නැහැ - යල කන්නය හොල්ලන්න ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් දුන් සහතිකය මෙන්න

මොනරාගල ගොවීන්ට මෙවර වරදින්නේ නැහැ - යල කන්නය හොල්ලන්න ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් දුන් සහතිකය මෙන්න