මොනරාගල ගොවීන්ට මෙවර වරදින්නේ නැහැ - යල කන්නය හොල්ලන්න ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් දුන් සහතිකය මෙන්න
මොනරාගල දිස්ත්‍රික්කයේ ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් ලෙස පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ උපුල් රත්නසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
එම රැස්වීම මොනරාගල දිසාපති ඒ.ජී. නිශාන්ත මහතා සහ කෘෂිකර්ම අධ්යක්ෂ එස්.ඩී.ඩබ්. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගොවීන්ගේ ඉල්ලීම් අනුව යූරියා, ටී.එස්.පී සහ එම්.ඕ.පී පොහොර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ලබාදී ඇති අතර, ගොවීන් 14,604 දෙනෙකු සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයෙන් සියයට 90ක් පමණ මේ වනවිට නිකුත් කර ඇති බවද උපුල් රත්නසිංහ මහතා සඳහන් කළේය. එම්.ඕ.පී පොහොර වගා කිරීමෙන් දින 45කට පසුව අවශ්‍ය වන බැවින් ඒ සඳහා තවමත් වැඩි ඉල්ලුමක් නොමැති බවද ඔහු පැවසීය.
මේ අතර, ඉදිරි යල කන්නයේ වී අස්වනු ගබඩා කිරීම සඳහා දැනට ගබඩාවල පවතින වී තොග කඩිනමින් අලෙවි කර ගබඩා සූදානම් කර තබන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
රබර් සඳහා පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රබර් නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසද, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මුතුකණ්ඩිය මත්ස්‍ය අභිජනන ඒකකය කඩිනමින් ඉදිකර අවසන් කරන ලෙසද නිලධාරීන්ට දැනුම් දී ඇත.
එමෙන්ම, මොනරාගල දිස්ත්‍රික්කයේ බීජ සහ රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවයේ වැඩි කොටසක් මේ වනවිට සපුරා ඇති බවද බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයේ නිලධාරීන් සඳහන් කළහ. මෙම රැස්වීමට දිස්ත්‍රික් සහකාර ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළ නිලධාරීන් රැසක් සහභාගී වී තිබේ.