රැඳවියන්ගේ ගැටලු සොයා බලන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක් - ජනාධිපතිගේ මැදිහත්වීමෙන් තීරණයක්

Report

මෙරට බන්ධනාගාරවල පවතින තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට බන්ධනාගාර 33හිම රැඳවියන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් අවධානයක් යොමු කර තිබේ. එමෙන්ම, රැඳවියන් මුහුණ දෙන ගැටලු, ඔවුන්ගේ සුබසාධන කටයුතු සහ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද මෙහිදී තීරණය කර ඇත.

බන්ධනාගාරවල නොසන්සුන් තත්ත්වය ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක්

බන්ධනාගාරවල නොසන්සුන් තත්ත්වය ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක්

ඒ අනුව බන්ධනාගාර 33ටම අදාළ වන පරිදි බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම යාන්ත්‍රණය හරහා බන්ධනාගාර රැඳවියන් සමඟ සෘජුව සාකච්ඡා කර ඔවුන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය විසඳුම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් නියමිත බව සඳහන් වේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සාකච්ඡාවට සහභාගී වී තිබේ.

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ - හමුදාව සහ පොලිසිය සීරුවෙන්

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ - හමුදාව සහ පොලිසිය සීරුවෙන්

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න