නීති විරෝධී මත්පැන් බෝතල් 109ක් සමග කාන්තාවක් කොටු
By Kanchana
නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 1080 (බැරල් 06) ක් සහ නීති විරෝධි මත්පැන් ලීටර් 81 (බෝතල් 109) ක් හා මත්පැන් පෙරීමට ගන්නා උපකරණ සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මීරිගම පොලිස් වසමේ බජ්ජංගොඩ ප්‍රදේශයේදීය.
මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56ක් වන අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මීරිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.