මේ රටවල් අතර අභ්‍යන්තර සහ ඍජු ගුවන් ගමන් අවලංගුයි - මැයි මාසයේ තත්ත්වයත් දන්වයි

Report

මැදපෙරදිග යුද්ධයමය තත්ත්වය නිසා ජෙට් ඉන්ධන මිල ඉහළ යෑම හේතුකොට ගෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අභ්‍යන්තර සහ ඍජු ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර ඇත.

එසේම මැයි මාසයේ දී ගුවන් ගමන්වලින් 12%ක් පමණ බලපෑමට ලක්ව තිබෙන බව වාර්තා වේ.

එහිදී ප්‍රධාන වශයෙන් ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්චර්ච්, වෙලින්ටන්, සිඩ්නි සහ බ්‍රිස්බේන් අතර මෙසේ ගුවන් ගමන් අවලංගු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

කෙසේ වුවද බොහෝ මගීන්ට විකල්පයක් වශයෙන් අදාළ දිනයේ දීම තවත් ගුවන් ගමනක් ලබාදීමට කටයුතු කළ බවද අදාළ ගුවන් සමාගම් පවසා ඇත.

එසේම එම ගුවන් සමාගම් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් පත්වෙන අපහසුතාවය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන අතර ඔවුන්ට ස්තූතිවන්ත වෙන බවයි.

ඊට අමතරව ඉන්ධන මිල සහ ඉන්ධන ලබාගැනීමට ඇති අපහසුතාවය මත වියට්නාම ගුවන් සේවය ද සතියකට දේශීය ගුවන් ගමන් 24කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.

එමෙන්ම මියන්මාරයේ ගුවන් සමාගම් ද ඔවුන්ගේ දේශීය කාලසටහන්වල කප්පාදුවක් සිදුකර ඇති බව සඳහන්.

කටාර් රාජ්‍යයෙන් විශේෂ තත්ත්වයක් ප්‍රකාශ කරයි

කටාර් රාජ්‍යයෙන් විශේෂ තත්ත්වයක් ප්‍රකාශ කරයි

ලොවම කැළඹෙයි - ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකටත් ප්‍රහාරයක්

ලොවම කැළඹෙයි - ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකටත් ප්‍රහාරයක්

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකියකට ඩ්‍රෝන ප්‍රහාරයක්

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකියකට ඩ්‍රෝන ප්‍රහාරයක්