සෞදියේදී මරණ දඬුවම නියම අනෝජන් වෙනුවෙන් සනත් ජයසූරිය ඉදිරියට- සෞදි රජයෙන් කළ හදිසි ඉල්ලීම මෙන්න

By Kanchana Oct 10, 2026 08:04 AM GMT
Report

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසාට මානුෂීය පදනම මත සමාව ලබා දීම පිළිබඳව සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය සෞදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අනෝජන් සිවරාසා වෙනුවෙන් සමාව ඉල්ලා සිටින පිරිසට එක්වෙමින් ජයසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මෙම ඉල්ලීම සිදුකර ඇත. එහිදී ආගම හෝ ජාතිය නොසලකා ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කර තිබේ.

“ශ්‍රී ලාංකිකයන් ලෙස අපි ආගම හෝ ජාතිය නොසලකා එකමුතුව සිටිමු. මානුෂීය පදනම මත අපගේ සෙසු ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන සිවරාස අනුජන්ට සමාව ලබා දීම පිළිබඳව කාරුණිකව සලකා බලන ලෙස අපි සෞදි අරාබි රාජ්‍යයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් ඔහු සිය සටහනේ සඳහන් කර ඇත.

මෙම ඉල්ලීම සිදුකරමින් ජයසූරිය සෞදි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ද සිය සමාජ මාධ්‍ය සටහනට සම්බන්ධ කර තිබේ.

අනෝජන් සිවරාසාට  සමාව ලබා දෙන ලෙස කෙරෙන ඉල්ලීම් අතරට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන ජයසූරියගේ හඬ ද මෙලෙස එක්වීම විශේෂත්වයකි. කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අනුජන් සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකි.

ඉස්ලාම් දහමට අපහාසයක් ලෙස සැලකෙන සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් ඔහුට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති බව වාර්තා වේ.

මේ අතර,  අනෝජන්   වෙනුවෙන් නීතිමය සහාය ලබාදීම සඳහා ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් සෞදි නීතිඥවරුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

අදාළ තීන්දුවට එරෙහිව සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.

අනෝජන් සිවරාසාට සමාව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් සිටින බව වාර්තා වේ.

සෞදියේ මරණ දඬුවමට මුහුණ දී සිටින අනෝජන් බලන්න ශ්‍රී ලංකා තානාපති යයි - ඉදිරියේදී අනෝජන්ගේ ඉරණම කුමක් වෙයිද?

සෞදියේ මරණ දඬුවමට මුහුණ දී සිටින අනෝජන් බලන්න ශ්‍රී ලංකා තානාපති යයි - ඉදිරියේදී අනෝජන්ගේ ඉරණම කුමක් වෙයිද?

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්