ලෝක යුද්ධයක අවසානයද මේ? ට්රම්ප්ගේ නිවේදනය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන්නේ ඊශ්රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බවයි.
එමෙන්ම හමාස් භාරයේ පසුවන ඊශ්රායල ප්රාණ ඇපකරුවන් හැකි ඉක්මනින් නිදහස් කිරීමට ඊශ්රායල එකඟ වූ සීමාවන් යටතේ ඔවුන්ගේ හමුදා ඉවත් කරගැනීමත් සිදුවනු ඇත.
හමාස් සටන්කාමීන් විසින් 2023 වසරේ දී ඊශ්රායල ජාතිකයින් 1,200 දෙනෙකු ඝාතනය කර තවත් 251 දෙනෙකු සිය ප්රාණ ඇපයට ගත්හ.
ඉන් පසු එයට ප්රතිචාර ලෙස පවසා 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඊශ්රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්රහාරවලින් පුද්ගලියින් 67,183 දෙනෙකු මරණයට පත් කර තිබේ.
මේ අතර ඉදිරි දිනවල දී අමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග සංචාරයක නිරත වීමට ද නියමිත වේ.