දෙනවනම් හැමෝටම දෙනවා.. නැත්නම් නෑ..- ලෝක වෙළඳ මාර්ග උණුසුම් වෙද්දී ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Report

ඉරානයේ වරායන් අවහිර කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති බව කියන සැලසුම් “මුහුදු මංකොල්ලකෑමක් (Act of Piracy)” ලෙස හඳුන්වමින් ඉරාන හමුදාව දැඩි විරෝධය පළ කර ඇති බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තා අනුව හෝර්මුස් සමුද්‍ර සන්ධිය සහ ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු නාවික හමුදාව සිදු කිරීමට යන මෙහෙයුම් සම්බන්ධයෙන් ඉරාන ආරක්ෂක අංශ මේ වන විට සීරුවෙන් තබා ඇත.

මෙම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, එය පැහැදිලිවම මුහුදු මංකොල්ලකෑමක් බවත් ඉරානය චෝදනා කරයි. ගල්ෆ් කලාපයේ සහ ඕමාන් මුහුදේ වරායන්හි ආරක්ෂාව “සැමට හිමි විය යුතු බවත්, නැතිනම් කිසිවෙකුට නොවිය යුතු බවත්” ඉරාන පාර්ශ්වය අවධාරණය කර ඇත.

ඊළඟ මොසාඩ් ප්‍රධානියා ලෙස බෙන්ජමින් ළඟම කෙනාව පත්වේ

ඊළඟ මොසාඩ් ප්‍රධානියා ලෙස බෙන්ජමින් ළඟම කෙනාව පත්වේ

යම් හෙයකින් අමෙරිකාව ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගතහොත් කලාපයේ කිසිදු වරායක් ආරක්ෂිත නොවනු ඇති බවට ඉරාන හමුදා ප්‍රකාශකයන් අනතුරු අඟවා ඇති බවද වාර්තාවල සඳහන් වේ.

මේ අතර ඉස්ලාමාබාද්හි පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් වෙත යන නෞකා අවහිර කිරීමට නාවික හමුදාවට නියෝග කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය තමන් සතු බව ඉරානය පවසන අතර, ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින අතර කලාපය තුළ යුධමය වාතාවරණය තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

2026 අලුත් අවුරුදු නැකැත්

2026 අලුත් අවුරුදු නැකැත්