සාමය විනාසයි? ලෝකෙම හිරිවට්ටමින් මිනිත්තු 10ට ලෙබනනයේ ඉලක්ක 100කට දරුණු ප්‍රහාර - ඉරානයෙන් රතු එළි
ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති බව සඳහන්.
ඒ අනුව ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම නිසා අමෙරිකා - ඉරාන සාම ගිවිසුමක් ඇති කරගැනීමේ සාකච්ඡාද අවධානමකට ලක්වී ඇති බවට ඉරානය අනතුරු අඟවා ඇත.
එසේම ඊශ්‍රායලය විසින් ඊයේ (08) මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 250ක පමණ පිරිසක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කළේ ඉන් පුද්ගලයින් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එසේම ඊයේ (08) දින එල්ල කළ මෙම ප්‍රහාරය ඊශ්‍රායලය ලෙබනනයට එරෙහි මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව සිදුකළ දැවැන්තම ප්‍රහාරයක් බවටද වාර්තා විය. කෙසේ වෙතත් එම ප්‍රහාරයත් සමඟ මෙසේ කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුවී ඇත.