තත්ත්වය බිහිසුණු කරමින් ඊශ්රායලය දෙසට ඉරානයෙන් මිසයිල වැස්සක්
ඊශ්රායල හමුදාව තහවුරු කළ පරිදි, මීට සුළු මොහොතකට පෙර ඉරානය විසින් එරට ඉලක්ක කරමින් මිසයිල ප්රහාර මාලාවක් ක්රියාත්මක කළ බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ඊශ්රායල හමුදාව, සිය නිල ටෙලිග්රෑම් ගිණුම හරහා නිකුත් කළ විශේෂ ප්රකාශයක, ඉරානයෙන් එල්ල වූ මිසයිල් ප්රහාර හඳුනාගෙන ඇති බව සහ ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ඒවා ඉලක්කය වෙත ළඟා වීමට පෙර විනාශ කර ඇති බව සඳහන් කළේය.
මෙම දැවැන්ත මෙහෙයුම මේ වන විටත් ක්රියාත්මක වන අතර, ඒ සමඟම ඊශ්රායලය පුරා ආරක්ෂක අනතුරු ඇඟවීම් (Sirens) නිකුත් කර, ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යාමට උපදෙස් දී ඇත. තවද, මේ දක්වා ප්රහාරවලින් සිදු වූ හානිය පිළිබඳ නිල තොරතුරු වාර්තා වී නොමැති අතර, කලාපය තුළ දැඩි යුදමය උණුසුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.