ඉවසීම අවසන් ඉරානය Kheybar-Shekan මිසයිලය ඊශ්‍රාලයට මුදා හරි

Report

ඉරානය විසින් ඊශ්‍රායල භූමිභාග ඉලක්ක කරමින් සිදුකරන නවතම මිසයිල් ප්‍රහාර මාලාව සෘජු ලෙස ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරක්ද, නැතහොත් ඊශ්‍රායල විසින් දිගටම සිදුකරන ප්‍රහාරවලට එරෙහිව සිදුකරන පළිගැනීමක්ද යන්න පිළිබඳව සම්පූර්ණ විශ්වාසයක් නොමැති බව වාර්තා වේ.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉරානයේ විප්ලව ආරක්ෂක හමුදාව (IRGC) නිකුත් කළ නවතම නිවේදනය අනුව, ඊශ්‍රායල බිම්වලට එල්ල වූ විසිවන මිසයිල් ප්‍රහාර තරංගය පැයකට පෙර ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

මෙම ප්‍රහාර මාලාවේ දී ඉරානය ඔවුන්ගේ විශේෂිත උසස්තම Kheybar-Shekan මිසයිල පද්ධතියද යොදවා ඇති බව IRGC පවසා ඇති අතර, ඊශ්‍රායල විසින් ඉලක්ක කරනු ලබන න්‍යෂ්ටික බලාගාර, හමුදා මූලස්ථාන සහ කලාපවලට පිළිතුරු ලෙස මෙය සිදුකරන බවද තහවුරු වෙයි.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ඇමරිකානු ප්‍රහාර දැඩිව විවේචනය කරමින් ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, අදාළ ප්‍රහාරයන් සිදුවූයේ ඉරානය රාජතාන්ත්‍රික සාකච්ඡා අතරතුර සිටින අවස්ථාවක බවත්, ඒ අනුව මෙය ජාත්‍යන්තර නීතියට සෘජු පීඩාකාරී උල්ලංඝනයක් බවත්ය.

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම් වෙන්න ? ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් !

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම් වෙන්න ? ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් !

 

මෙම තත්ත්වය මධ්‍යපෙරදිග තුළ සන්සුන්භාවයට ගැටලුවක් වන අතර, ඉදිරියේදී තවත් ආරවුලකට මඟ කියන හැකියාවක් ඇතැයි නිරීක්ෂකයෝ අනතුරු අඟවති.