දැන් හරිනේ - ඉරානයත් ඊශ්රායලයට ප්රතිප්රහාර එල්ල කරයි - යුධ ගිනි ඇවිලෙයි
ඊශ්රායල ආරක්ෂක බලකාය විසින් ඉරානය, ඊශ්රායලයටද මිසයිල ප්රහාරයක් දියත් කළ බව තහවුරු කර ඇත. ඒ අනුව උතුරු ඊශ්රායලයේ පිපිරීම් හඬ කිහිපයක් ඇසී ඇති අතර ඊශ්රායල ආරක්ෂක හමුදාවන්ද තහවුරු කර ඇත්තේ අදාළ මිසයිල ප්රහාරය ඉරානයේ සිට පැමිණි බවයි.
කෙසේ නමුත් අදාළ ප්රහාරය වැළැක්වීමට කටයුතු කරන බවත් එරට වැසියන්ට පූර්වාරක්ෂක නියෝගය ක්රියාත්මක කරන ලෙස දැනුම්දී ඇති බවත් එරට බලධාරීන් පවසයි.
මහජනතාවගෙන් වගකීමෙන් යුතුව ක්රියා කරන ලෙසට උපදෙස් දී ඇති අතර ඉරානය සහ අමෙරිකාව අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත එල්ලකළ මිසයිල ප්රහාර මාලාවට පිළිතුරු ලෙස මෙම ප්රහාරය එල්ලකර ඇත.