මැද පෙරදිග රත්වෙයි - නැවතත් ඉරානයට ප්‍රහාර - ඉරාකය තම ගුවන් කලාපය වසා දමයි

Report

ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගර මධ්‍යයට අද (28) එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව, නගරයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් ද අලුතින් ප්‍රබල පිපිරීම් රැසක් වාර්තා වූ බව ෆාර්ස් පුවත් ඒජන්සිය තහවුරු කර ඇත.

ඊශ්‍රායලය සහ ඇමරිකානු හමුදා එක්ව දියත් කරන මෙම (pre-emptive) මෙහෙයුම හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි යුධමය අර්බුදයකට පත්ව ඇත.

සුළු මොහොතකට පෙර ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්

සුළු මොහොතකට පෙර ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්

මුලින් ටෙහෙරාන් නගර මධ්‍යයට (Downtown) එල්ල වූ ප්‍රහාර දැන් නගරයේ උතුරු සහ නැගෙනහිර තදාසන්න ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වී ඇති බව තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් අගනුවර වැසියන් දැඩි භීතියට පත්ව සිටින අතර බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වෙමින් සිටින බව තොරතුරු වාර්තා වේ.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කිරීම සහ යුද්ධයක් වළක්වා ගැනීම සඳහා ඇමරිකානු සහ ඉරාන නිලධාරීන් අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වෙන මෙවැනි තීරණාත්මක මොහොතක මෙම ප්‍රහාර මාලාව එල්ල වීම විශේෂ කරුණකි.

ඊශ්‍රාලය රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - සයිරන් නාදවෙයි පාසල් වසා දමයි - ජනතාවට අනතුරු ඇගවීම්

ඊශ්‍රාලය රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - සයිරන් නාදවෙයි පාසල් වසා දමයි - ජනතාවට අනතුරු ඇගවීම්

මෙම ප්‍රහාරයත් සමඟ එම සාකච්ඡා මාර්ග සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක් මතුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ඉරානයට එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා තිබේ.

ඒ අනුව ඉරාක සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ගුවන් සීමාව හරහා සියලුම ගුවන් ගමනාගමනය නිල වශයෙන් අත්හිටුවා ඇත. ඉරාන අගනුවර දැවැන්ත පිපිරීම් 3ක් සිදු වූ වහාම එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්ගමන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරන බවද එම අධිකාරිය නිවේදනය කළේය.

මහා පරිමාණ යුද්ධයක ආරම්භය - ඇමරිකාවත් සටනට එක්වෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ගුවන් සීමාවන් වසා දමයි

මහා පරිමාණ යුද්ධයක ආරම්භය - ඇමරිකාවත් සටනට එක්වෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ගුවන් සීමාවන් වසා දමයි