මේ මස උද්ධමනය ඉහළට
සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සුළු ඉහළ යෑමක් දක්නට ලැබෙන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
අගෝස්තු මාසයේ 1.2%ක තිබූ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 1.5% දක්වා ඉහළ ගොස් තිබේ.
අගෝස්තු මාසයේ 2%ක්ව පැවති ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට 2.9%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.