දැඩි කොන්දේසි මත හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීරට අද (30) දින ඇප නියමකර ඇත.
ඒ ගම්පහ මහාධිකරණයේ නියෝගයකට අනුව බව සඳහන්.
අද (30) දින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ඇප අයදුම නැවත සළකා බැලුනේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි චෝදනා යටතේයි.
ඒ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයේදී කරුණු දක්වා සිටීමෙන් අනතුරුවයි.
අඳාළ කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට පියවර ගෙන ඇත.
එසේම ඒ එක් එක් අය වෙනුවෙන් ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් බැගින් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදු කළ යුතු බව නියෝග කර තිබෙනවා.
තවද සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බව අඳාළ ඇප කොන්දේසි අතර වේ.